Avijja Sutta
RET 03
Avijja Sutta - අවිජ්ජා සූත්‍රය (2) අසත්පුරුෂ ආශ්‍රය නිසා සද්ධර්ම නොවූ දෙය ඇසීම, ඒ නිසා අශ්‍රද්ධාව, ඒ නිසා නුනුවණින් මෙනෙහි කිරීම, මේ ආකාරයට පිළිවෙලින් ස්මෘතිය නැතිවීම සහ මනාව නොදැනීම, ඉන්ද්‍රිය අසංවරය, ත්‍රිවිධ දුෂ්චරිත, පඤ්චනීවරණ සහ අවිද්‍යාව ඇති වන බවත්, සත්පුරුෂ ආශ්‍රය නිසා සද්ධර්ම ශ්‍රවණය, සද්ධර්ම ශ්‍රවණය නිසා ශ්‍රද්ධාව යන ආකාරයට යෝනිසෝමනසිකාරය, ස්මෘති සම්ප්‍රජන්‍යය, ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචරිත, සතර සතිපට්ඨාන, සප්තබොධ්‍යංග සහ විද්‍යා විමුක්ති ඇති වන බවත් දැක්වේ. (උපුටාගැනීම: සූත්‍ර පිටක සූචිය සහිත සූත්‍රසම්පිණ්ඩණය - ප්‍රේමචන්ද්‍ර ද සිල්වා) අඞ්ගුත්තරනිකාය -> දසකනිපාතපාළි -> යමක වර්‍ග -> අවිජ්ජා සූත්‍රය < Back To Main Page
Licensed under CC BY-NC-ND 3.0
Chapters
Select a chapter to play